Back Cover
Look Inside

Sandha Dekada Sandha

සඳ දෙකඩ සඳ 


  • Sinhala Translation of “When the Moon Split”
  • ISBN: 978-624-5542-31-4
  • Pages: 612+vi
  • Sinhala Edition: April 2022
  • Translated by: Saman Pushpa Liyanage
  • Published by: Agahas Publishers, Sri Lanka
  • Originally Published by: Darussalam Publishers & Distributors, Riyadh.

LKR 1,750.00

Only 1 left in stock

SKU: Sandha Dekada Sandha Categories: , , ,

සඳ දෙකඩ සඳ


වක්තෘවරයාගේ ජීවිත කතාව පිළිබඳ විෂය ශ්‍රේෂ්ඨ බවෙන් හා පිවිතුරු භාවයෙන් යුක්ත වුවකි. ඒ මගින් මුස්ලිම්වරුනට ඉස්ලාමියේ නැගීම හා අල්ලාහ් තම දිව්‍යමය අනාවරණයන් සිදු කිරීමට වක්තෘ මුහම්මද් තෝරා ගත් ආකාරය කියා දෙන්නේය. එහිදී වක්තෘවරයාණන් සහ ඔහුගේ අනුගාමිකයන් මුහුණ පෑ අසීරුතා හා ගැහැට පිළිබඳවත්, අල්ලාහ්ගේ පිහිටෙන් ඒවා ජයගත් ආකාරයත් මුස්ලිම්වරුට ඉගෙන ගන්න ඉඩ ලැබේ.

වක්තෘවරයාගේ ජීවිතය ගැන හදාරන මුස්ලිම් වරයකු ඉන් ඉගෙන ගන්නේ තනි මිනිසෙකුගේ ජීවිතය ගැන පමණක් නොවේ. තම මෙහෙවර උදෙසා අල්ලාහ්, වක්තෘවරය සූදානම් කළ ආකාරයත් එහිදී ඔවුහු උගනිති. අල්ලාහ් වක්තෘවරයාණන් හට කුර්ආනය හෙළි දරව් කළ ආකාරයත් එහිදී ඔවුහු උගනිති. මුල් මුස්ලිම්වරුන්ගේ හදවත් ඉස්ලාමයේ ඉගැන්වීම මඟින් සවිමත් වූ සැටිත් එහිදී ඔවුහු උගනිති. ආත්ම විශ්වාසයෙන් යුතු කුඩා මුස්ලිම් පිරිසක් අරාබියේ බිහිසුණු රණ විරුවන් පරාජය කළ ආකාරයත් ඔවුහු එම හැදෑරීමේදී උගනිති. මිථ්‍යාව හා මිථ්‍යාව ඇදනුවන් පරදා ඉස්ලාමය ජයගත් ආකාරයත් ඔවුන් එහිදී උගනිති.

ඒ ආකාරයට මුස්ලිම් වරුනට තමන්ගේ ආගම පිළිබඳ අවබෝධයක් ඇති කරන්නට වක්තෘවරයාගේ ජීවිත කතාව උපකාරී වෙයි. මෙම හේතුව නිසා වක්තෘවරයාගේ කාලයේ සිට මේ දක්වාම වක්තෘවරයාගේ ජීවිතයට අදාළ මූලාශ්‍ර වල සත්‍යාසත්‍ය භාවය විමසා බලමින් ඇතැම් දේ ගැන ප්‍රවේශමෙන් තීරණය කරන්නට බුද්ධිමතුන් පෙළඹෙති. කෙසේ වුව ද එම ජීවිත කතාව ලියන්නට සිදු වූයේ සියලු දෙනා එම පර්යේෂණවල තොරතුරු අවහල් කරගෙන නැති බැවිනි. බොහෝ අය වක්තෘවරයාගේ ජීවිතයට අදාළ තොරතුරු විකෘති කර දක්වා ඇත්තේ එම කරුණු වල සත්‍යා සත්‍ය භාවය විමසා නොබලමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස වක්තෘවරයාගේ ජීවිතයට අදාළ බොහෝ විස්තර ඉස්ලාමයේ ඉගැන්වීම් වලට පටහැනි අයුරින් ලියා තිබේ.
මෙම ගැටලුවට පිළියමක් ලෙස සත්‍ය මූලාශ්‍ර වලින් එන තොරතුරු පදනම් කොට ගෙන වක්තෘවරයාගේ සැබෑ ජීවිත කතාව රැගත් ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස බොහෝ උදවිය මට කියා සිටියහ. මෙම අභියෝගාත්මක කාර්යය භාරගත් මම පහත සඳහන් මූලාශ්‍ර වල තොරතුරු ඒක රාශි කොට මෙම චරිතාපදානය රචනා කළෙමි. ඒ කුර්ආන වාක්‍යය, කුර්ආනය පිළිබඳ සාක්ෂි සහිත විවරණය, වක්තෘවරයාගේ සත්‍ය කියමන් සහ සාක්ෂි සහිත චරිතාපදාන යනාදියයි.

-සෆියුර් රහ්මාන් මුබාරක් පුරි

Weight 0.7 kg
Dimensions 23.5 × 18 × 2.5 cm
Author

Safiur Rahman Mubarakpuri

Publisher

Darussalam

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.