Back Cover
Look Inside

Sithamu

සිතමු | சிந்திப்போம் | Let’s think


  • Language: Sinhala
  • First Edition: 2023
  • Pages: 412+xxii
  • ISBN: 978-624-00-2116-6
  • Publishers: S.Godage Brothers (Pvt) Ltd,Colombo

සිතමු | சிந்திப்போம் | Let’s think


“සිනමු” චින්තන ප්‍රවාහය තුළින් මතුවන පරිණත දේශපාලනඥයා

ඉරිදා දිවයින තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් නම් වූ පර්ජන දේශපාලනඥයා සතිපතා පාඨකයාට තිළිණ කළ තමාගේ හෘද සාක්ෂිය, අවස්ථාව ලැබුණ හැම විටක ම කියැවූයේ ඔහු ඒ තුළින් ඉදිරිපත් කළ චින්තන තුළ වූ කාලෝචිත බව නිසා යි.

මා ඉතියාස් දැන හඳුනා ගත්තේ 1970 දශකය ආරම්භයේ දිනක ය. ඒ එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ අප රටේ සිටි කෘතහස්ත මී දේශපාලනඥයකු වූ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගෙන් ලද පණිවුඩයක් මත එතුමාගේ බොරැල්ලේ පිහිටි “වුඩ්ලන්ඩ්” මන්දිරය වෙත ගිය අවස්ථාවකදි ය. ඉරිසියාස් සමඟ ආනන්ද විදුහලේ එවකට ඔහුගේ සමකාලීන ශිෂ්‍යයන් පිරිසක් සිටි අතර, ඔවුන්ගේ අභිප්‍රාය වූයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනය ගැන මෙන් ම එම යුගයේ කාලීනව පැවති දේශපාලන, සමාජ, ආර්ථික විෂය සම්බන්ධ ව ප්‍රබුද්ධ සංවාදයක් තුළින් අවබෝධයක් ලබා ගැනීම යි. එතැන් පටන් පසුගිය දශක පහ තුළ ඉම්තියාස්ගේ දේශපාලන ගමන නිරීක්ෂණය කිරීම් අවස්ථාව ලත් අතර ඔහුගේ දේශපාලන චරිතයේ පරිණත ප්‍රවර්ධනය මහත් ප්‍රභේදයෙන් නිරීක්ෂණය කළෙමි.

දේශපාලනඥයන්ගේ සෘණ හැසිරීම් රටාවන් සෑම තැන්හි ම ඇසෙන යුගයක දේශපාලනඥයකුගේ ධනාත්මක හැකියා අසන්නට ලැබීම, කෙනෙක් නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීමක් වැනිය.

ලම්තියාස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී දේශපාලනඥයෙකි. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ඔහුගේ ආදරණීය පියාගේ වටිනාකම්වලින් ඔහු දහසක් දේ ඉගෙන ගන්නට ඇත. ඩඞ්ලි සේනානායකයන් වැනි චරිතවලින් පරමාදර්ශී දේශපාලනඥයන් තුළ තිබිය යුතු චරිතාංග උකහා ගන්නට ඇත. එහෙත් අද අප හමුවේ සිටින ඉමිතියාස් බාකීර් මාකාර් නම් දේශපාලනඥයා තමා විසින් ගොඩනඟා ගත් ඔහුට ම ආවේණික දේශපාලන පෞරුෂයක් හිමි ශ්‍රී ලංතා දේශපාලන ව්‍යුහය ලස්සන කරන අව්‍යාප් දේශපාලනඥයෙකි. එවන් පරමාදර්ශී දේශප- ලනඥයකු තමන්ගේ, දේශපාලනය හා සමාජ චින්තනය රටට දායාද කරන සිතමු” ප්‍රකාශනය ජාතික දේශපාලන ගමන් මග ආලෝකමත් කරන පහන් ටැඹක් වේවා

ආවාර්ය කරුණාසේන කොඩිතුවක්කු

Weight 0.47 kg
Dimensions 21.5 × 14 × 2 cm
Author

Imtiyaz Bakeer Markar

Publisher

S. Godage Brothers (Pvt) Ltd

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.