“විදුලොවේ තිරය පිටුපස භූමිකාව” යනු මා විසින් රචනා කළ එදා මෙදාතුර මෙවන් තේමාවක් යටතේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථය ස්වර්ණමය යුගයක සිටි විද්‍යාඥයන් ගැන සාකච්ඡා කරයි. වර්තමානයේ දී ලෝකයාට අමතක වී ගොස් තිබෙන යුගයක් ඔබට ගෙනහැර පෑමට මා කටයුතු කර ඇත. ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ සිට 14 වන සියවස දක්වා වූ කාල පරිච්ඡේදයේ සිටි විද්වතුන් සහ විද්‍යාඥයන් සොයා ගැනීම් සහ චරිතාපදානයන් ගැඹුරින් විශ්ලේෂණය කරන ග්රන්ථයකි. එම කාලවකවානුව පැහැදිලි කිරීමේදී පාඨක ඔබට ඇතිවිය හැකි ව්‍යාකූලතාවයන් මගහරවා ගැනීම පිණිස කතුවරයා විසින් ග්‍රීක යුගයේ සිට පුනරුදය දක්වා වූ කාලය තුළ අධ්‍යාපනයට විශාල බලපෑමක් ඇති කළ ප්‍රධාන යුගයන් වල ගැල්ම හරි අපූරුවට විස්තර කරයි. ඊට අමතරව ඔවුන් සොයාගත් න්‍යායාත්මක හා ප්‍රායෝගික සංකල්ප වල නිරවද්‍යතාවය නැවත නැවතත් තහවුරු කර ඇත. තවද ක්ෂේත්රයේ ප්‍රවීණයන් ලවා සෝදුපත් කියවා පාඨක ඔබට පහසුවෙන් කියවිය හැකි ඉතාමත් පහසු හා සරල, සුගම භාෂා ශෛලියකින් ඔබට විස්තර කරන එම ග්රන්ථයෙහි කතුවරයා වන මම සිමාම් නිල්ෆර් ය. මෙය අවුරුදු 21ක් වන මාගේ පළමු ග්‍රන්ථයයි. වසර 5-6ක් පමණක් කැපවී විවිධ වූ මූලාශ්රයන් තුළින් තොරතුරු එක් රැස්කොට, එහි නිරවද්‍යතාවය පරීක්ෂා කොට මාගේ මෙම ග්රන්ථයට එකතු කළෙමි. මා හට මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට වසර 5ක් පමණ ගත වුවද ඔබට මෙම ග්රන්ථ අවබෝධ කිරීමට හුදෙක් සතියක් හෝ දෙකක් පමණ ප්රමාණවත්ය.
එම නිසා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන එකම දෙය නම් මෙම ග්‍රන්ථය මිලදී ගෙන එය හොඳින් කියවා අවබෝධ කරගෙන පාඨක ඔබත් මේ පුංචි ලෝකයට යමක් දායාද කළ යුතුය යන හැඟීම ඇති කිරීමයි.
කතුවරයා : සිමාම් නිල්ෆර්
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.